බිඳ වැටීමට ලක් වී තිබුණු රජයේ (Online) මාර්ගගත සේවාවන් මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දන්වාසිටියි.
ඒ අනුව, අක්‍රිය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිත කළ හැකි බවයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශකරයි.
මෙසේ ඇතිවූ අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා එල්ල වූ අතර, රාජ්‍ය ආයතන 34 ක පමණ සේවාවන් සඳහා සතියකට අධික කාලයක් මෙමඟින් බලපෑම් එල්ල වීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය