බිත්තර මිළ සීඝ්රයෙන් ඉහළට
උත්සව සමය ආරම්භ වීමත් සමඟ දේශීය වෙළෙඳපොළේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 42 ත් 45 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. නිෂ්පාදනය අඩුවීම සහ ඉල්ලුම වැඩිවීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.
පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් කිකිළියන්ගේ බිත්තර දැමීමේ ධාරිතාව 80% සිට 50% - 60% දක්වා පහත වැටී තිබිමද බිත්තර නිෂ්පාදනය අඩුවි මිළ වැඩිවිමට හේතුවක් බවට පත්ව ඇත.සත්ව ආහාර මිල ඉහළ යාම. බඩඉරිඟු ඇතුළු සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල 20% කින් පමණ ඉහළ යාම නිසා බිත්තරයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැයද ඉහළ ගොස් තිබේ.එසේම බඩඉරිඟු හිඟය නිසා සුළු පරිමාණ ගොවීන් 20% ක් පමණ කර්මාන්තයෙන් ඉවත් ව තිබේ.
එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් බේකරි නිෂ්පාදන සහ සංචාරක හෝටල්වල බිත්තර ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යාම හා ප්‍රමාණවත් සැපයුමක් නොමැතිවීම බිත්තර මිල ඉහළයාමට හේතුවක් වි තිබේ.
නිෂ්පාදන වියදම් දරාගත නොහැකිව ගොවීන් බිත්තර දමන කිකිළියන් මස් සඳහා අලෙවි කිරීමට පෙළඹීම නිසා දෙසැම්බර් මාසය වන විට බිත්තරයක මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතී.මෙම මිල ඉහළ යාම ලබන වසරේ ජනවාරි මාසය දක්වා පැවතිය හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
