(UPDATE) බැග්ඩෑඩ් හි ජනාකීර්ණ වීදියකට එල්ල වූ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 125කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් 150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
බහුල වශයෙන් ෂියා මුස්ලිම්වරුන් ගැවසෙන කර්රාදා ප්‍රදේශය වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, රාමසාන් උපවාසය අවසන් වන සමයේ පැවැත්වෙන උත්සවයන්ට බඩුබාහිරාදිය ලබාගැනීමට පැමිණි පිරිස් මීට ගොදුරුව තිබේ. එමෙන්ම, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වැඩි පිරිස දරුවන් බවද කියැවෙයි.
..................................
ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එල්ල කළ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් 75කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රාමසාන් උපවාස කාලයේදී තමන්ගේ ප්‍රහාර මාලාව වැඩි කරන බවට පැවසූ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මධ්‍යම බැග්ඩෑඩයේ කර්රාදා දිස්ත්‍රික්කයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත.
රාමසාන් උපවාසය අවසන් වීම සැමරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සව සඳහා බඩුබාහිරාදිය ලබාගැනීමට වෙළෙඳ සැල් කරා පැමිණි සාමාන්‍ය වැසියන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරුව ඇති අතර, සිද්ධියෙන් තවත් 130කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද කියයි.
මෙම ප්‍රහාරය සිදුකිරීමෙන් අනතුරුව ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එහි වගකීම භාරගෙන ඇති අතර, මෙය බංග්ලාදේශයේ අවන්හලක් තුළ සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව ඔවුන් සිදුකළ තවත් ප්‍රහාරයක් ලෙසද හුවාදක්වා තිබේ.
