ශ්‍රී ලංකාව මේ දක්වා ආනයනය කර ඇත්තේ ඔක්ටේන් 92 හා 95 තෙල් බවත් ඔක්ටේන් 91 තෙල් ආනයනය කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම තෙල්වල ප්‍රමිතිය බාල කිරීමට කටයුතු කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.