මහින්ද රාජපක්ෂ රජය මගින් බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ ඉයන් බේස්ලි නමැති මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව තමා කිසිම කෙනෙකුගෙන් සමාව නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (23දා) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජී.එල්.පීරිස් මහතා මෙම අදහස් පළකළේය.
එල්ටීටීඊ හිතවාදී ජාත්‍යන්තර සංවිධාන අසීමිතව මූල්‍ය සම්පත් භාවිත කරමින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනගිය වැඩපිළිවෙළට මුහුණදීම සඳහා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකාවට පැමිණ සත්‍ය තත්ත්වය දැකබලා ගැනීමට අවස්ථාව ලබාදීමට පසුගිය රජය තීන්දුවක් ගෙන තිබුණු බවද සභාපතිවරයා එහිදී සඳහන් කළේය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ රජය මුදල් වැය කර ඉයන් බේස්ලි 2013 වසරේදී ශ්‍රී ලංකාවට ගෙන්වා තිස් අවුරුදු යුද්ධයකට පසුව උතුරු පළාතේ ඇතිවී තිබෙන සංවර්ධනය ,මැතිවරණ පැවැත්වීම,මානව හිමිකම් ලබාදීම, ප්රජාතන්ත්රවාදය ඇතිකිරීම ගැන එම මන්ත්‍රීවරයාට දැක බලාගැනීමට අවස්ථාව ලබාදුන් බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
