බිළිඳු මළසිරුරක් ළිඳකින් සොයා ගනියි
මඩකලපුව වන්නියර් පාරේ ඇති නිවසේ ළිඳක දින 40ක ළදරුවකගේ සිරුරක් සොයාගත් බව මඩකලපුව මුලස්ථාන පොලිසිය පවසයි.
දින 40ක කොශිනි දැරියගේ සිරුර මෙසේ ගොඩගෙන ඇත.
සිද්ධියවූ දින සුපුරුදු පරිදි සැමියා රැකියාවට ගොස් සිටියදී ඥාතීන් සමග ළදරුවා බිරිඳ නිවසේ සිටි බවත් සවස 5.30 ට පමණ ඥාතින් කෝවිලට ගොස් සිටියදී නිවසේ කාමරයතුල දැරියව නිදිකරවමින් දොර වසා වැසිකිලියට ගොස් පැමිණෙන විට දැරිය නොමැති බවත් ඉන් අනතුරුව නිවෙස පුරා සොයමින් සිටියදී සැමියා හා ඥාතීන්ට මේ දන්වා ඔවුන්ද සෙව්වද නිවෙසේ ඉදිරියේ ළිදතුල මළසිරුර තිබු බව පොලිසියේ මුලික පරීක්ෂණ වලින් හෙළිවිය.
ඉන් අනතුරුව soco අංශය හා සුනඛයින් ගෙන්වා විමර්ශන සිදුකර බවත් ළිදෙන් ගොඩගත් දැරියගේ සිරුර මෘත පරීක්ෂණය සදහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවත් වැඩිදුර පරීක්ෂණ මඩකලපුව මුලස්ථාන පොලීසිය විසින් පවත්වයි
මඩකලපුව - ටි.එල් ජව්ෆර්කාන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

