කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ප්‍රධාන බහුවිධ මධ්‍යස්ථානය සඳහා ශක්‍යතා අධ්‍යනය අද (21දා) ආරම්භ කළේය.ප්‍රංශ රජයේ ඩොලර් මිලියනක ආධාර යටතේ මෙය ක්‍රියාත්මක වෙයි. මේ පිළිබඳව පැවැති උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
“අද පිටකොටුව ප්‍රදේශයේ ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ශඛ්‍යතා අධ්‍යනය ආරම්භ කරනවා. මේ ව්‍යායාමයන් සමග දැනට ගොඩනැගෙමින් තිබෙන වරාය නගර ව්‍යාපෘතියත්, බේරේ වැව අවට ගොඩනැගෙන ප්‍රධාන වාණිජ නගරයත්, රටේ අනෙකුත් ප්‍රදේශ සමග එකට එකතු කරන ප්‍රධාන මධ්‍යස්ථානය බවට මෙය පත්වෙනවා.
ඒ වගේම බත්තරමුල්ලෙත් මෙවැනිම මධ්‍යස්ථානයක් පෞද්ගලික හා රජයේ ආයෝජනයෙන් ඉදිකිරීමට මේ වසරේදී වැඩ ආරම්භ වෙනවා. ඊට අමතරව කොළඹ අවට තවත් කුඩා ප්‍රවාහන මධ්‍යස්ථාන ගණනාවක් යෝජනා කර තිබෙනවා. අපි කොට්ටාවේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇති කරනවා පමණක් නෙමෙයි රටේ ප්‍රවාහන ක්ෂෙත්රයට අන්තර්ජාලය භාවිත කර ගමන් කළ හැකි පහසුකම් සැපයිය හැකි නවීන මධ්‍යස්ථානයක් ඒ හරහා ගොඩනැගෙනවා.
ඉදිරියේදී කඩවත, කටුනායක 18 කණුව, මොරටුව සහ පිළියන්දල ප්‍රදේශයේ කුඩා පරිමාණයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනාගතයේ ගොඩනැගෙන සැහැල්ලු දුම්රිය සේවාවන් කඩවත, කොලොන්නාව, කොට්ටාව, හෝමාගම, පිළියන්දල කියන මේ නගර සියල්ලම එකට යා කරන සැහැල්ලු දුම්රිය පද්ධතියකුත් රජයේ හා පෞද්ගලික ආයෝජනයෙන් ගොඩනැගීම සඳහා ශඛ්‍යතා අධ්‍යන කරගෙන යනවා.”
