නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින් මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
අද (05) උදෑසන අදාළ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී උර 10ක තිබූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කෙරුණි.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 100කට අධික හෙරොයින් ප්‍රමාණයක් සහ කිලෝ 50කට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබුණු බවය.
එම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් බිලියන 3කට අධික වෙයි. ධීවරයින් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ද අද උදෑසන දික්ඕවිට ධීවරාය වෙත රැගෙන විත් තිබුණි.