බහින් බස් විමක් දුරදිග ගොස් පොරොවකින් පහර දෙයි
යාපනය, පේදුරුතුඩුව කට්පෝවලම් ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වු බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් තරුණයෙකු ඊයේ(13) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
තරුණයින් දෙපිරිස අතර කිසියම් ආරවුලක් හේතුවෙන් බහින්බස් වී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තවත් තරුණයකු විසින් පොරොවකින් පහරදීමෙන් තුවාල ලැබු 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවට පේදුරුතුඩුව පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.
ගැටුමෙන් 22 හැවිරිදි වාසුදේවන් අමල්කරන් නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
ගැටුමට සම්බන්ධ පිරිස් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාල පිරිස් මේ වන විටත් සැගව සිටින බැවින් එම පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

popular news
-
Champa Tuesday, 15 January 2019 05:28 AM
අයියෝ මං දැන්නෑ. මේ රටට මක් වෙලාද? දැන් කොල්ලෝ පාරේ යන්නේ පිහි කෑලි, පොරෝ තල අතේ තියාගෙනද? ඉස්සර තිබ්බේ එක පාතාලයයි. මිනිස්සු කතා කරන්නත් බයයි. දැන් තුනයි. 1. ළදරු පාතාලය. 2. තරුණ පාතාලය. 3. වැඩිහිටි පාතාලය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
