පූනෑව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ කිලෝමීටර් 160 කණුව ආසන්නයේදී වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ කාර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මැදවච්චිය රෝහලට සහ අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. මරණකරුවන් අවුරුදු 27 හා 34 වයස්වල පසුවූ බළල්ල ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පූනෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.