බස් මන්තීරු නීතිය අද සිට
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (22දා) දින සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව අද බොරැල්ල හන්දියේ සිට කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බවත්, මෙම මංතීරුව තුළින් පුද්ගලික බස්, ලංගම බස්, ආසන විස්සට වැඩි කාර්යාල ප්‍රවාහන බස් රථ, පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ ගමන් කළ යුතු බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
බස්නාහිර පළාත භාර හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් මත, රාජ්‍ය, පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍ර‘යේ විද්වත් කමිටු සාමාජිකයන් සමග පැවති සාකච්ඡාවලින් පසු ඇති කර ගත් එකඟතාව මත බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.
'අලුතින් පටන්ගමු මහාමග විනය ඇති කරමු' යන තේමාව යටතේ පසුගිය 08 වැනිදා සිට බස් ප්‍රමුඛතා මාර්ග පිළිබඳ රියදුරන් දැනුවත් කර තිබේ. බස් ප්‍රමුඛතා මංතීරු නීතිය උදෑසන 6.00 සිට 9.00 දක්වාත් සවස 4.00 සිට 7.00 දක්වාත් ක්‍රියාත්මක කෙරේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
