බස් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලුවලට රජය කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ජුලි මස පළමු වැනි දින සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ආසන ප්රමාණයට මගීන් ගෙනයාම මගින් මේ වන විට බස් කර්මාන්තය පාඩු ලබමින් පවතින බවයි.
