බස්නාහිර පළාතේ ගතවු පැය 24 තුළ සිදු කළ වැටලිම්වලින් පුද්ගලයින් 484 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතුරින් පුද්ගලයින් 169 දෙනෙකු සතුව තිබි හෙරෝයින් ග්රෑම් 329කට ආසන්න ප්රමාණයක් සොයා ගනු ලැබිය.
එමෙන්ම පුද්ගලයින් 133 දෙනෙකු සතුව තිබි ගංජා කිලෝ 47කට අධික ප්රමාණයක්ද පොලිසිය සොයා ගෙන ඇති අතර නීතිවිරෝධි දුම්වැටි 10,721ක් අදාළ වැටලිම්වලදි සොයා ගෙන තිබේ.
