බස්නාහිර පළාත් සභාවේ උපසභාපති පිවිතුරු හෙළ උරුමයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ ආසන සංවිධායක හා බස්නාහිර පළාත් සභාවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කරන යසපාල කෝරළගේ මහතා පිවිතුරු හෙළ උරුමයට අද (03දා) එක් විය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම අවස්ථාවට හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නන්දා අබේවික්‍රම මහත්මිය සහ හොරණ සමූපකාර සමිතියේ සභාපති එන්.ඩී. ගුණසේන මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක්ද එක්වූහ.
අනතුරුව මාධ්‍ය ඇමතූ යසපාල කෝරළගේ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වන වත්මන් ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රූකඩයක් ලෙස කටයුතු කරන බැවින් ඉන් ඉවත් වී පිවිතුරු හෙළ උරුමයට එක්වීමට තමන් තීරණය කළ බවයි. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී පිවිතුරු හෙළ උරුමය සමග එක්වීමට නියමිත බවද ඒ මහතා කියා සිටියේය.
popular news
-
rocky Wednesday, 03 October 2018 06:39 PM
උන්නැහේලා හාන්සි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

