බස්නාහිර පළාතේ විශේෂ වැටලිමකදි 440 දෙනෙකු අත්අඩංගුවට
- 25 09 2020
- 16:48
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ උදෑසන 06 සිට අද අලූයම 05 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කෙරුණු බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 159 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 111 දෙනෙකු හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 18 දෙනෙකු වන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
