බස්නාහිර පුදුම පුටු ගැන ආණ්ඩුකාර ස්ථාවරය තවමත් නෑ
බස්නාහිර පළාත් සහාවේ මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා විදේශ රටකින් රුපියල් 640,000 බැගින් පුටු ගෙන්වීම සුදුසුද, නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මේ දක්වා ස්ථාවරයකට එළඹ නැතැයි වාර්තා වේ.
පුටු ගෙන්වීම සම්බන්ධයෙන් සොයාබැලීමට පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාවේ කරුණු සම්බන්ධව ආණ්ඩුකාරවරයා තවමත් අධ්‍යයනය කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කමිටු වාර්තාවේ සඳහන් ඇතැම් නිර්දේශ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරගත යුතු බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පුටු මිලදී ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (07දා) කැඳවා තිබේ.
ඊට අමතරව පළාත් සභාවේ සභාපති, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, විපක්ෂනායක යන ධුරධාරීන් සමග ආණ්ඩුකාරවරයා අද සවස් කාලයේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
නැවත වරක් කමිටුව සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවද එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

