බලය අල්ල ගත්තම අතහරින්න එපා - අගමැති
බලය ලබාගත් විට එය අත් නොහරින ලෙසත් බලය තවත් ශක්තිමත් කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
" පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට ගියා. අලුත් තරුණ නායකයන් බිහි කළා. ඒක තමයි අපි කරපු ප්‍රධානම කරුණ. අපි 69 බෙදුනා 70 දී පරාජයට පත්වුණා.ආපහු බෙදෙන්න දෙන්නේ නෑ.
මේ ආණ්ඩුව බඩගාලා හරි ජනපතිවරණය වෙනකම් ආවා. සුළුතරයක් ඇති ආණ්ඩුවක් තියාගෙන අපි හැම පන්දුවාරයක්ම හයේ පහරක් ගැහුවා.
මට කොච්චර බැන්නත් කවුරුවත් හිරේ ගියේ නෑ. විකල්පය අංගුලිමාලද? රහත්වෙයිද? සුදු වෑන් දායිද?
මම හැමවෙලාවෙම හිතන්නේ රට ගැනයි පක්ෂය ගැනයි. අපි රට ඉදිරියට ගෙනි යනවා දියුණු රටක් කරනවා. ඉස්සෙල්ලාම ජනපතිවරණය දිනමු. සජිත් ජනපති කරමු. පස්සේ පාර්ලිමේන්තුව දිනමු 125ක් අරගමු. "

popular news
-
රජින්ද Thursday, 03 October 2019 04:41 PM
ඇත්තටම කියනවානම් මෙයාගේ කතාවේ එක දෙයක් හරි, මෙයා ඇතුළු ඔය පක්ෂෙ ඉන්න සියලුමදෙනා හිතුවේ බලය ගැනම විතරයි. ඒ නිසා රට ගැන හිතුවා කියන ලොකුම බොරුව කියන්නෙපා. ලෝකේ බුද්ධිමත් ජනතාවාදී නායකයෝ හිතුවේ රට ගැනම විතරයි, එහිදී බලය කියන සාධකය ගැන ඔවුන් තැකුවේ නැහැ. නමුත් ජනතාව විසින් ඔවුන්ට බලය සැපයුවා. නිවැරදි ක්‍රමවේදයකට රට පාලනය වෙන්න නම් ජාතික චින්තනයක්, ජාතික හැගීමක් නායකයාට තිබිය යුතුයි. එහෙත් අවාසනවාකට ඒ කිසිවක් ඔබට නැහැ. ඒ නිසා ඔබ සහ ඔබේ ප්‍රතිපත්ති එදත් අසාර්ථකයි, අදත් අසාර්ථකයි.
Reply : 0 0
Deepal Nirosh Thursday, 03 October 2019 08:53 PM
දැන් අවුරුදු 25ක් නායකත්වය අල්ලන් හිටිය වගේ ජීවිතාන්තය දක්වා ඉන්නයි අධිෂ්ටානය, ඒක නම් පවුල් වාදයට වඩා අති භයානයකි. නොවැම්බර් 16 පත්වෙන ජනාධිපතිවරයා කවුරු වුණත් ඔහුගේ පළවැනි කාර්රයභාරය විය යුත්තේ.... අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

