බලතල දුන්නොත් සුමාන දෙකෙන් අපරාධ මඬිනවා - C.V
පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඊයේ (01දා) යාපනයේදී පැවසීය.
පළාතේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා ,
“ඔය කියන අපරාධ කල්ලි කව්රු විසින් පවත්වගෙන යනවද කියල අපිට කියන්න බැහැ. නමුත් මෙහෙ වැඩිපුර මිනිස්සු හිතන්නේ යුද හමුදාව ඉදිරියටත් මේ ප්‍රදේශවල ඉන්න ඕන නම්, මේ වගේ අපරාධ පෙන්නලා මෙහෙම අපරාධ වෙන නිසා යුද හමුදාව ඉන්න ඕන කියලයි.
මේ නිසයි අපි පොලිස් බලතල ඉල්ලන්නේ මධ්‍යම රජයෙන් පොලිස් ස්ථාන ක්‍රියාත්මක වන නිසයි, මේ ගැටලු පළාත් සභා වෙතට පොලිස් බලතල ලබා දෙන්නේනම් උතුරු පළාතේ කුඩා ව්‍යුහය තුළ පොලිස් බලතල නිසිලෙස ක්‍රියාවට නංවා සුමාන දෙකෙන් මේ අපරාධ සහ විවිධ කල්ලි නවත්වන්න පුළුවන්.
මොකද මිනිස්සුන්ට බයක් නැතිව, අපිට ඇවිත් බයක් නැතුව සියල්ල කියන්න පුළුවන් දැන් මිනිස්සු මොකවත් කියන්න ඉදිරියට එන්නෙ නැහැ. මොකද මිනිස්සු හිතන්නේ අපරාධකරුවන් අතරේත් පොලීසිය අතරේත් සම්බන්ධකම් තියනවා කියලයි“යැයි පැවසීය.

popular news
-
සෙනෙවි Thursday, 02 August 2018 11:21 PM
අපරාධ මෙහෙවයන්නේ මොහු නං ඔහුට එය කරන්න පුළුවන් වේවි
Reply : 0 26
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

