බ්ලේක් වෙඩි තැබීමේ සිද්ධිය උණුසුම් - උද්ඝෝෂණ ඉහළට
අමෙරිකානු කළු ජාතිකයෙකු වූ ජේකබ් බ්ලේක් වෙත පොලීසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කෙනෝෂාහි රාත්‍රී තුනක නොසන්සුන්තාවය තවදුරටත් වෙඩි තැබීමක් දක්වා දුරදිග ගොස් තිබේ.
විස්කොන්සින් හි කෙනෝෂා හිදී පැවති විරෝධතාවයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙකු මිය ගොස් තුන්වැන්නා තුවාල ලබා තිබේ.
ඒ අනුම මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ඊයේ දිනයේ කයිල් රිටන්හවුස් නමැති තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන මිනීමැරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.
29 හැවිරිදි ජේකොබ් බ්ලේක් පසුගියදා පොලීසිය සමග ඇති වූ බහින් බස්වීමකින් පසු වෙඩි තැබීමකට ලක්වූ අතර, එය ඇමෙරිකාව තුළ දැඩි නොසන්සුන්තාවක් බවට පත්විය.
මේ අනුව විස්කොන්සින් ප්‍රාන්තය පුරා පොලිස් රථ මෙන්ම ජාතික ආරක්ෂක භටයින්, එෆ්බීඅයි සහ අනෙකුත් ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ගෙන්වා තිබේ. එමෙන්ම ප්‍රාන්තයේ රාත්‍රී 7.00 සිට ඇඳිරි නීතිය පැනවීමක්ද සිදුකර ඇත.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ යළිත් මෙසේ කරළියට පැමිණෙන විට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 180,000ක සීමාවට පැමිණ තිබේ. එමෙන්ම රට තුළ සමස්ත ආසාදිත අගය මිලියන 5.8ක අගය ඉක්මවා ඇත.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

