බාර් සියයට 90ක් දේශපාලඥයින්ගෙයි
රටපුරා විවෘතව පවතින සුරාසැල්වලින් 90%ක අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ, පසුගියදා රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේදී 'මත්ද්‍රව්‍ය නිවාරණ සතිය' නිමිත්තෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.
දේශපාලනඥයන් මත්පැන් අලෙවි කිරීම නැවැත්වූ විට සුරා සැල්වලින් 90%ක් වසා දැමිය හැකි බවද ඔහු පැවැසීය. මත්උවදුර දුරු කිරීම සඳහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දේශපාලන අධිකරියේ ඍජු සහ වක්‍ර මැදිහත්වීම වහා නැවැත්විය යුතු බව තමන්ද පිළිගන්නා බව පළාත් ආණ්ඩුකාරවරයා පවසා සිටියේය.
නීත්‍යනුකූල මත්ද්‍රව්‍යවලින් රජය ලබන ආදායමට වඩා මත්ද්‍රව්‍ය භාවිතයෙන් පැන නගින ගැටලු සඳහා විසඳුම් හා පිළියම් වෙනුවෙන් විශාල පිරිවැයක් රජයට දැරීමට සිදුව ඇති බවත්, එම පිරිවැය ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ සදාචාර යන ක්ෂේත්‍ර රැසක දැවැන්ත පරිහානියට මුල්වන බවද ධම්ම දිසානායක මහතා පෙන්වා දුන්නේය.
අජිතලාල් ශාන්ත උදය/නිවිතල හසල

popular news
-
Kumar Tuesday, 29 January 2019 12:31 AM
ඔය බාර වලින් බීල වෙරි මතින් වෙන්න ඇති ඒ අයට චන්දෙ දමන්නෙ
Reply : 0 1
jayantha Ranatunga Tuesday, 29 January 2019 09:56 AM
බාර් වහලා අපි කොහොමද පිස්සු කෙල්ලින්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

