චීනයේ හෙනාන් පළාතේ බයිරොං වෙළඳපොලේ ඉහළ පෙළේ ඉඩකඩක් ශ්‍රී ලංකාවට වෙන්කර දෙන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ හෙනාන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර ජින් පින් හේ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.
තානාපතිවරයා හෙනන් පළාතේ ෂෙන්ෂෝ හි 5 වැනි ගෝලීය දේශසීමා හරහා ඊ-වාණිජ්‍ය සමුළුවට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
තානාපතිවරයා විසින් ෂෙන්ෂෝ හි බයිරොං වෙළඳපොළේ යෝජිත ශ්‍රී ලංකා මණ්ඩපය පිළිබඳව නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කළ අතර එහි දී ඔහු පෙන්වා දී ඇත්තේ, නිර්මාණය කෙරෙමින් පවතින මෙම දේශසීමා හරහා ඊ-වාණිජ්‍ය වේදිකාව තුළින් උපරිම ප්රතිලාභ ලබා ගැනීමට නම් බයි රොන් වෙළඳපොළෙන් ඉඩක් ශ්‍රි ලංකාවට ලබා දිය යුතු බවය.
ඊ-වාණිජ්‍යයේ ප්‍රබල සහාය තුළින්, සංස්කෘතික හුවමාරු ද මාර්ගගත නාලිකා හරහා ප්‍රවර්ධනය කළ හැකි වනු ඇති බවට ආචාර්ය කොහොන මහතා තම විශ්වාසය පළ කළේය.
ෂැවොලින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සහ හෙනාන් හි වයිට් හෝස් ටෙම්පල් විහාරස්ථානයේ ශ්‍රී ලාංකික පන්සලක් පිහිටුවීම (දැනටමත් ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත) මඟින් වැඩි චීන සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන බව ඔහු පැවසීය. ඊ-වාණිජ්‍යය භාවිතා කිරීමෙන්, සංචාරක ක්‍රියාකරුවන්ට මාර්ගගත ප්රවර්ධනයන් සිදුකළ හැකිය.
මෙම ඊ-වාණිජ්‍ය වේදිකාව මඟින් ශ්‍රී ලංකා නිෂ්පාදන රාශියක් චීනයට හඳුන්වා දීමට පමණක් නොව, හෙනාන් පළාතෙන් ශ්‍රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් දිරිගැන්වීමේ යාන්ත්‍රණයක් බවට ද පත්වනු ඇති බව ආචාර්ය කොහොන මහතාගේ අදහස විය.
නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා තානාපතිවරයාගේ අදහස් පිළිගත් අතර, සමීප සහයෝගීතාව සඳහා වාණිජ නියෝජිත කාර්යාලයක් විවෘත කිරීම පිළිබඳව සලකා බැලීමට ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

