බියගම එකම පවුලේ 3ක් කොවිඩ් මාරයාට බිලි
- 13 06 2021
- 11:39
- {{hitsCtrl.values.hits}} views
- ..
බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසුවේ ගෝනවල ප්‍රදේශයේ නිවසක ගෘහ මුලිකයා වු පියා (51) ජුනි මස 01 දා කොවිඩ් ආසාදිතව රාගම රෝහලේදී මිය ගිය බවයි.
එම ඔහුගේ පියා (71) කොවිඩ් ආසාදිතව ඉකුත් (04) දා එම රෝහලේදීමද එම නිවසේ ඔහුගේ මව (69) කොවිඩ් ආසාදිතව නිවසේදීද මියගොස් තිබේ.
මේ වනවිට එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර තිබේ.
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ කොවිඩ් 19 ආසාදිතයින් 4200 ක් වාර්තා වන අතර ඉන් 3000 කට වැඩි පිරිසක් සුව වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
