බඹර ප්‍රහාරයකින් නුවරඑළිය ඡාත්‍යන්තර පාසලක සිසුහු රෝහල් ගත කෙරේ
- 8 01 2020
- 21:30
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
නුවරඑළිය නගරයේ ඡාත්‍යන්තර පාසලක සිසු සිසුවියන්ට අද (08) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 42 ක් සහ ගුරුවරුන් තිදෙනෙක් නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පැවසිය.
පාසල නිමවි පාසල් ක්‍රිඩාංගණයේ සිසු සිසුවියන් පිරිස සෙල්ලම් කරමින් සිටියදි පාසලේ බැද තිබු බඹර කුඩුවක් මතට පාසල් සිසුන් සෙල්ලම් කරමින් සිටි බෝලයක් ගැටිමෙන් බඹරුන් ඇවිස්සි පාසල් ළමුන්ට බඹරුන් පහර දි ඇති බවයි නුවරඑළිය පොලීසිය කියා සිටියේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, පාසලේ ගොඩනැගිල්ලක් මත බැද තිබෙන බඹර කුඩුව ඉවත් කරන ලෙසට නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නුවරඑළිය පොලීසිය දැනුම් දිමක්ද කර ඇත.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

