බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාව අසාර්ථක විරෝධතාවක් වුවත් මාධ්‍ය එය සාර්ථක බවට පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විමට හලාවතදී එක්වෙමින් අග්රාමාත්යවරය මේ බව පැවැසීය.
“සැප්තැම්බර් පස් වැනිදා උද්ඝෝෂණය මාධ්‍යයෙන් පෙන්වූයේ මේක විශාල බලවේගයක් ආණ්ඩුව වට්ටන බලවේගයක්, මාව පන්නනවා, ජනපති පන්නනවා, බලය ගන්නවා බලය අරගෙන තමයි යන්නේ කියලා.
අන්තිමට කාමර 25ක්ද 30ක්ද අරගත්තා ෂැංග්‍රීලා හෝටලයෙන්. පළවෙනි ඇමැති කණ්ඩායම එතන තමයි ඉන්න ගියේ දිවුරුම් දුන්නට පස්සේ ගෝල්ෆේස් පිට්ටනියේ. අන්තිමට මොකද වුණේ බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ. දැන් මාධ්‍ය යෙන් බනින්නේ අපිට විතරයි.
මිනිස්සුත් බනිනවා අසාර්ථක උද්ඝෝෂණයක් කළා කියලා. මන්ත්‍රීවරු බැනලා තියෙනවා. මාධ්‍යයෙන් බනින්නේ නෑ. ඒකයි පුදුමේ. ඉරිදා පත්තර සාර්ථකම එකලු (කියලා කියනවා).”
popular news
-
කෝලිත Sunday, 09 September 2018 12:37 PM
අපි. බයිල කියකියා...රට කනව.! ...හික් හික්...හික්....
Reply : 0 6
Champa Sunday, 09 September 2018 04:01 PM
කට ඇරියොත් කියන්නේ බොරු. ඔබ බලයට ආවෙත් බොරුවෙන්. කෙලින්ම ආණ්ඩු විරෝධයක් කියලා කොළොඹට මිනිස්සු ගෙනාව පලවෙනි වතාව මේක. සුද්දන්ගේ කාලෙට පස්සේ ආණ්ඩුවකට විරුද්ධව තිබ්බ දැවැන්තම ජනගඟ තමයි "ජනබලය කොළොඹට". විශාල බලවේගයක් විදිහට ආණ්ඩුවට බලපෑමක් කරන්න බැරි වුනේ ඔබේ මුදල් ඇමති විරෝධයට එන ජනතාවට වෙඩි තියනව (රබර් උණ්ඩ දණහිසෙන් පහලට නමුත් කවුරුත් දන්නා ඒවා ජීවඋණ්ඩ කියලා) සහ පොලිස්පති "තමන්ට අවශ්‍ය විදිහට" බලය පාවිච්චි කරනවා කියල කලින්ම තර්ජනය කරපු නිසා (වෙන්න ඕනේ) හිටපු ජනාධිපතිතුමා මිනිස්සුන්ට අවශ්‍ය විදිහට උද්ඝෝෂණය කරන්න නොදී මේක සාමකාමී විදිහට කරන්න කියපු නිසා. ඊළඟට පොලිස්පති ප්‍රචාරය කළා 5000ක් පොලිසිය, වෙඩි උණ්ඩ, කඳුළුගෑස්, වතුර බවුසර් ලෑස්තියි කියලා. තමන් නිසා තමන්ගේ මිනිස්සු වෙඩි ප්‍රහාර ගුටි ප්‍රහාර ජල ප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක් කරන්න ඕනේ නැති නිසා හිටපු ජනාධිපතිතුමා ජන බලයේ මිනිස්සුන්ගේ පැත්තෙන් තිබ්බ අරමුණ වෙනස් කළා. එතුමාගේ වචනෙට පිටින් කවුරුවත් යන්නේ නැති නිසා ඔබයි ඔබේ ආණ්ඩුවයි බේරුනා. හැබයි ඔබට අමතක වුනා මේක සංවිධානය කලේ පලවෙනි පාරට පාර්ලිමේන්තු ආපු JO තරුණ මන්ත්‍රීවරු කියලා.
Reply : 9 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
