අමාත්‍යාංශවල අධීක්ෂණ කටයුතු සඳහා පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබාදෙන කිසිදු පහසුකමක් තමන් ලබා නොගන්නා බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.
ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස පත්කර ඇති තමන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන දීමනා වාහන කාර්යාල පහසුකම් ඇතුළු කිසිදු වරප්‍රසාදයක් ලබා නොගන්නා බවද හෙතෙම පවසයි.
අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලබාදෙන පහසුකම් තමන්ට අනවශ්‍ය බවට සඳහන් කරමින් ඉදිරියේදී ලිඛිතව දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.
අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්ෂයක දිමනාවක්, නිල රථයක් හා අමාත්‍යාංශයේ කාර්යාල පහසුකම් ලබාදීමටද නියමිතව ඇති බවට පැවසේ.
ජිනේෂ් නානායක්කාර
