බන්ධනාගාර වෑන් රථ අනතුරකින් සැරයන්වරයෙක් මරුට
- 18 12 2019
- 08:52
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සීගිරිය, අව්ඩන්ගාව ප්‍රදේශයේදී බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තබේ.
අද (18) අළුයම බන්ධනාගාර රැදවියෙකු නඩු කටයුත්තක් සදහා පල්ලකැලේ බන්ධනාගාරයේ සිට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්අධිකරණය වෙත රැගෙන යමින් සිටියේදී මෙම අනතුර සිදුව තිබේ.
වෑන් රථය මාර්ගයෙන් පිටතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර පල්ලකැලේ බන්ධනාගාරයට අනියුත්තව රාජකාරිකළ සැරයන්වරයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලැබූ රැදවියෙකු සහ තවත් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
