බදු සහන අද සිට ක්‍රියාත්මකයි
නව ආණ්ඩුව ලබාදුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ජනවාරි මස පළමුවැනිදා සිට සියලුම බදු සහන ක්‍රියාත්මක වෙනවා. උපයන විට ගෙවිමේ බදු නෑ. රැඳවුම් බදු අහෝසියි. වැට් අනුපාතය සියයට 8යි. අනෙක් සියලුම සඳහන් කළ බදු සහන යෝජනා අද සිට ක්‍රියාත්මක වෙනවා.”

popular news
-
Kumar Wednesday, 01 January 2020 08:50 PM
උපයන විට බදු වෙනවා නම් වසර අවසානයෙ බදු ගෙවන්න මුදල් හොයන්න ඔනෙ නැහැ. උපයන විට බදු ගෙවන විට රජයට සුළු අදායමක් බලාපොරොත්තු විය හැක. එසේ නැතිනම් රජයේ දිනපතා වැඩවලට අවශ්‍ය මුදල කෙටිකාලින ගිනිපොලියට බදුකර අලෙවි කරන්න සිදුවෙනවා. කුඩු ජාවාරම් කාරයෝ කුඩු මුදල් පිරිසිදු කරන්නේ මේ ආකාරයට වෙන්න ඇති. ලංකාවේ ඉන්න අයට බදුසහන ලැබුනට ඔයගොල්ලන්ගේ ජනාධිපතිතුමාට නම් එවැනි සහනයක් අමෙරිකාවෙන් ලැබෙන්නේ නැහැ. රජයෙන් ලැබෙන මාසික විශ්‍රාම වැටුපට අමතරව රැකියාවෙන් කල ආයතනයෙන් ආයෝජනය කල මුදලින් වර්සිකව ගන්න මුදලට 22% බදු තම අතට පත්වෙන්න කලින් කපා ගන්නවා. වැඩිපුර ගෙවන බදු ආපසු ලබාගන්න වර්සිකව අදාල පෝරම පුරවා යවන්න ඔනෙ. එම පොර්මවල දෙදෙනාගේම අත්සන අවශ්‍ය වෙනවා. ඇමෙරිකාව තුල උපයන දෙයට බදු ගෙවන්න ඔනෙ. ඔයගොල්ලන්ට ඉන්නේ ඇමෙරිකාවට බදු ගෙවන ජනාධිපති තුමෙක් නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

