පසුගියදා ඇතිවූ බදුලු ඔය ගංවතුරෙන් පසුව එයින් බලපෑමට ලක්වූ ප්‍ර දේශවල ඩෙංගු හා මී උණ රෝගීන්ගේ වැඩිවීමක් ඇතිව තිබෙන බව බදුල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මේ අනුව රෝගීන් 30ක් පමණ රෝහල් ගත කර ඇති බවද එම කාර්යාලය පවසයි. සුමනතිස්සගම, අන්දෙණිය හා යාම්පාලම්ගම ආදි ප්‍ර දේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙයි.
ගංවතුරෙන් පසුව නිවාස වල අඩියක් පමණ උසට මඩ තට්ටුවක් තිබුණ අතර ඒවා ඉවත් කළ අයට මෙසේ රෝගී තත්ත්වයන් ඇතිව තිබේ.
බදුල්ල පාලිත ආරියවංශ