බදුල්ල ශ්රීලංගම ඩිපෝවේ දෙපිරිසක් අතර අද (21) දහවල් සිදුවූ අරගලයකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ එම ඩිපෝවේ හිටපු ඩිපෝ කළමනාකරුවන් දෙදෙනෙකු බව කියන බදුල්ල හංවැල්ල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් සහ බදුල්ල පුවක්ගොඩමුල්ල පදිංචි 53 හැවිරිදි අයෙකි.
එම ඩිපෝවේ ඩිපෝ අධිකාරී තනතුර සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් මෙම දෙදෙනා තුවාල ලබා ඇතැයි පැවසේ.
මේ වනවිට සේවයේ නියුතු ඩිපෝ අධිකාරිවරයා ජනාධිපතිවරණයෙන් පසු සේවයට නොපැමිණෙන බවත් එම තනතුර සඳහා මෙම ආරවුල හටගෙන ඇති බවත් ඩිපෝ සේවකයෝ පවසති.
හාලිඇල - විජේරත්න රත්නායක
