බදියුදින්ගේ නිවසේ මියගිය දැරිය ගැන අපක්ෂපාති පරික්ෂණයක් කළ යුතුයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී සිය දිවි හානි කර ගත් දැරිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි සමගි ජන බලවේගය ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරම්න් ඒ බව කියා සිටින එම පක්ෂය එමගින් වැඩිදුරටත් මෙසේද පවසයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ නිවසේ සේවය කල දැරියක් සියදිවි හානි කර ගැනිම පිළිබඳව මාධ්‍ය තුල විවිධ මතවාද පලවේග මෙම සිදුවීම දේශපාලනීකරණය කිරිමට ඇතැම් පාර්ශව උත්සාහ දරමින් සිටි.
ජාතිවාදි මුහුණුවරකින් මෙම ඛේදනීය සිදුවීම භාවිතා කිරිමට ද තවත් අයවලුන් උත්සාහ දරයි. මෙම දෙපාර්ශවයේම අරමුණ අප තරයේ හෙලා දකිමු.
මෙම සිදුවීම පිළිබඳව සාධාරන පරික්ෂණයක් පවත්වා නොපමාව නීතිය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. වින්දිත පාර්ශවයන්ට සාධාරණයක් ඉටු කලහැකි වන්නේ එවැනි ක්‍රියා දාමයකින් පමණි. එවැනි ක්‍රියාදාමයක් තුල සමාජය තුල වැරදි තොරතුරු පැතිරීම වැලැක්වීමටත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කිරිමටත් හේතු වන බව පෙන්වා දෙමු.
popular news
- 
                            Deepal Nirosh Wednesday, 21 July 2021 08:28 PM ඉස් ඉස්සෙල්ලා තම නිවසේ ළමා මෙහෙකාර දැරියක සේවයට යොදාගත්තු තම පක්ෂයේ මන්ත්‍රීවරයා පිළිබඳ විනය පරීක්ෂණයක් කරල ඉන්න. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                