පස් කන්දක් කඩා වැටිමෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු (04) දින උදෑසන 11:15 පමණ වන විට යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්රික් අධිකාරි ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ සහ හීල්ඔය අසළ දුම්රිය මාර්ගයේ 162/54 සැතපුම් කණුව අසළ (04) දින උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු නානුඔය සිට බණ්ඩාරවෙළ දක්වා සීමා කරනු ලැබුවා.
දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ගල් දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් කපා ඉවත් කිරිමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්වට පත් කර ඇති බව ධනුෂ්ක දිසානායක මහතා කියා සිටියහ.


