බණ්ඩාරගම ඇඟළුම් කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 150ක්
බණ්ඩාරගම කැස්බෑව පාර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 150 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් අනාවරණ වීමත් සමඟම එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.
එහි සේවක සේවිකාවන්කීප දෙනෙකුට විවිධ රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව සියලුම සේවක සේවිකා උදෙසා සිදුකළ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී ඇතැයි වෛද්‍යවරිය කීය
එලෙස ආසාදිත වූ සේවක සේවිකාවන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන අතර ආසාදිත සේවක සේවිකාවන් සමහරක් දෙනා අවට නිවෙස් වල නේවාසිකව රැඳී සිටින අතර එම නිවෙස් වල හිමිකරුවන් ද තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින බව වෛද්‍යවරිය කිය.
ආසාදිත සේවක සේවිකාවන් නිරෝධායන ලක්කර ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

