බටහිර රටවල් මරණ දඬුවම එපා කියයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් යුරෝපා සංගමය ප්‍රධාන බටහිර රටවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.
යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාල, ශ්‍රී ලංකාවේ ජර්මනි තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ රාජකීය නෝවේ තානාපති කාර්යාලය ඒකාබද්ධව මෙම ලිපිය යොමු කර ඇත.
ශක්තිමත්ව මෙන්ම ඒකමතිකව මෙම තීරණයට විරෝධතාව ප්‍රකාශ කරන බවත් එය මානව හිමිකම් කඩකිරීමක් බවද එම ලිපියෙහි සඳහන් කොට තිබේ.
වසර හතළිහක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වී නොමැති හෙයින් එම සම්ප්රදාය ආරක්ෂා කර ගනිමින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය නවතා දමන ලෙසද එහි දක්වා ඇත.
තවද මරණීය දණ්ඩනය හරහා අධිකරණමය වැරදි හැරවිය නොහැකි මාරාන්තික දඬුවමක් බවද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

popular news
-
Don Monday, 16 July 2018 05:41 PM
In other countries the jail guards and officials never supply drugs phones and other luxury material to the prison inmates
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

