ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු කරපු පක්ෂයක් ලෙස ඉදිරියේදී ආණ්ඩුවක් කිරීම වෙනුවෙන් කටයුතු කරන බව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (15දා) හම්බන්තොට පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
"ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු අපි කරන්නේ මෙ රටේ ආණ්ඩු කරපු පක්ෂයක් ලෙස ඉදිරියේදී ආණ්ඩු කිරීම සඳහා. පසුගිය මැතිවරණයේදී 14ක් පාර්ලිමේන්තුවට ආවා. ලොකු අයයි, පොඩි අයයි, මැද අයයි, බට්ටොයි ඔක්කොම දැම්මා.
ලංකාව පුරා අපෙන් තරග කරපු අයට උකුස්සෝ කියන්න පටන් ගත්තා. මම හරි කැමතියි අපිට උකුස්සෝ කියනවට. බකමූණෝ තමයි අපිට උකුස්සේ කියන්නේ. හැබැයි උකුස්සා කොයිමවෙලාවකවත් හැංගෙන්නේ නෑ.
වහින වෙලාවට කරන්නේ වළාකුළුවලට උඩින් ඉන්නවා. උකුස්සෝ කියන එක හොඳයි අපිත් උපක්රම තියෙන හැකියාවන්, දක්ෂතා තියෙන අය කියලා තමයි ඒකෙන් කියන්නේ.
හොරකම දූෂණය කියන එක ඉහවලා ගිහිල්ලා. මේවා කථාකරන කොට ආණ්ඩුව තුළ ඉන්න කොට අපිට වට කරලා ගහන්න පටන් අරන්."
