පුද්ගල පහර දීමක් හේතුවෙන් සිදුව ඇතැයි සැක කෙරෙන පිරිමි පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් බකමුණ පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇත.
පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (24) දා රාත්රී පොළොන්නරුව අත්තන කඩවල ට්රක් 26 ප්රදේශයේ ගෙවත්තක මිය ගොස් සිටි පුද්ගලයකු මෙසේ මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව බකමුණ පොලිසියේ ප්රකාශකයෙකු පැවසීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි අනුර සේනාධීර නමැති එක් දරු පියෙකි.
23 වැනිදා රාත්රී ඝාතනය සිදු වන්නට ඇතැයි සැක කෙරෙන ඊට හේතුව සහ සැකකරු සොයා පුළුල් විමර්ශන ආරම්භ කොට ඇති බව බකමුණ පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මේ පිළිබඳව මහේස්ත්රාත් පරික්ෂණය අද 25 දා දහවල් සිදු කිරීමට නියමිතය.
