බංග්ලාදේශ භික්ෂුවකට අන්තවාදී ප්රහාරයක්
බංග්ලාදේශයේ, ගිණිකොණදිග බන්ඩර්බාන් දිස්ත්රික්කයේ විසූ 75 වියැති බෞද්ධ භික්ෂුවක් කපාකොට අපවත් කොට ඇති බව එරට පොලීසිය පවසයි.
එම භික්ෂුව විසූ ආරාමයේ තිබී දේහය සොයාගෙන ඇති අතර, මෙය බංග්ලාදේශයේ ක්රියාත්මක ඉස්ලාමීය අන්තවාදීන්ගේ තවත් ප්රහාරයක් බව බලධාරීන් උපුටා දක්වමින් බී.බී.සී.ය කියයි.
එමෙන්ම, මෙය බංග්ලාදේශයේ වෙසෙන සුළුතර ආගමිකයන්, අනාගාමික ක්රියාධරයන් සහ විද්වතුන් ඝාතනය කිරීමේ අන්තවාදී සැලැස්මේ නවතම සිදුවීමක් බවද ආරක්ෂක අංශ විශ්වාස කරයි.
ඒ අනුව, පසුගිය වසර තුනක කාලය තුළ මෙවැනි පුද්ගලයන් 20 දෙනෙකු පමණ ඉස්ලාමීය අන්තවාදීන්ගේ කුරිරු හස්තයට නතුවී තිබුණි.
මොන්ග් ෂූ යූ චැක් නමැති මෙම බෞද්ධ භික්ෂුව ඝාතනය කිරීම සඳහා පුද්ගලයන් හතර දෙනෙකු පැමිණ ඇති බවත් පොලීසිය පවසයි.
මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී උතුරුදිග බංග්ලාදේශයේදී ගෙල සිඳ හින්දු පූජකයෙකු ඝාතනය කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

