පෞද්ගලික අංශයට අවම රු.2,500ක්වත් ලබා දිය යුතුයි - ලොකුගේ
පෞද්ගලික අංශය සඳහා අවම වශයෙන් රැපියල් 2,500 වැටුප් වැඩි කිරීමක් ලබාදීමට මැදිහත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කම්කරැ , වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශ වැය ශිර්ෂය සම්බන්ධයෙන් ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මත්ත්රීවරයා මේ බව කීවේය.
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කළ බවට ආණ්ඩුව පැවසුවද පෞද්ගලික අංශ වෙනුවෙන් අවධානය යොමු නොකිරීම පිළිබඳ කනගාටුවන බවද එහෙයින් වහාම මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසිය.
එමෙන්ම කම්කරැ අමාත්‍යාංශ කම්කරැවන් වෙනුවෙන් මැදිහත් විය යුතු බවද එම අමාත්‍යාංශය කැබිනට් නොවන අමාත්‍යාංශයක් බවට පත්කර තිබීම හේතුවෙන් කම්කරැ ප්‍රශ්න සඳහා සෘජුව මැදිහත් වීමේ හැකියාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම කම්කරැ අමාත්‍යංශය දුර්වල කරන ගමන් වක්‍ර පනත් ගෙන එමින් වැඩකරන පංතිය අකර්මන්‍ය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් එවැනි මර්දන නීති යොදා කම්කරැවන් අකර්මන්‍ය නොකරන ලෙසද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

popular news
-
Saththaya Tuesday, 19 March 2019 07:34 AM
හොද අදහසක් . මේ රටේ සුරා කාපු මහජන මුදල් එලියට ගන්න උදව් කරන්න . යට ගහන්න දෙන්න එපා . එතකොට මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න පුළුවන් .
Reply : 0 74
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

