පොළොන්නරුවේ විශේෂ මෙහෙයුමකදි මුස්ලිම් ජාතිකයින් අට දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය එක්ව අද (03) දා දිනයේදී සිදු කරන ලද හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමකදී පොළොන්නරුවේ සැකපිට මුස්ලිම් ජාතිකයින් (08) දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල් ලෑල්ල, මුස්ලිම් කොළණිය හා කදුරුවෙල මානික්කම් පටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොළොන්නරුව පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනන්‍යතාවය තහවුරු කළ නොහැකි නීතිමය ලියවිලි කිසිවක් නැති යතුරු පැදියක්, කඩු දෙකක්,හා ජංගම දුරකථන හතක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අතර ජාතික හැඳුනුම්පත් නැති අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි පුද්ගලයින්ද සිටින බව පොළොන්නරු පොලීසිය සඳහන් කර සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද 03 දා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මෙම හදිසි සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් හාරසිය අට දෙනෙකු සහ යුධ හමුදා නිලධාරීන් දෙසිය පනස් දෙනකු සහභාගි වී සිටියහ.
විශේෂ සෝදිසි මෙහෙයුම පොළොන්නරුව ගල් ලෑල්ල, මුස්ලිම් කොළණිය හා කදුරුවෙල මානික්කම් පට්ටිය කුසුම් ගම යන ප්‍රදේශ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

