පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩුපාඩු පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කිරිම සිදු විය.
ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල්වල පවතින අඩු පාඩු පිළිබඳ පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (05) පස්වරුවේ පොළොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.
