පොළොන්නරුව මහ රෝහලේ 22 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද (16) අනාවරණය කර ගෙන තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන 22 වාට්ටුව වසා දැමීමට රෝහල් බලධාරින් ක්‍රියා කොට තිබේ.
මෙම කාන්තාව ඉකුත් 10 වන දින අසනීප තත්ත්වයක් නිසා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.
වෙනත් අසනීපයක් නිසා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දේශීය ඖෂධ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගොස් පැමිණ ඇති බවත් ඉන්පසු අරලගංවිල කාශ්‍යපපුර,බෝගස්වැව ප්‍රදේශයේ කිසියම් සමිති වාරයකට ද සහභාගී වී ඇති බවත් නිවෙස් කිහිපයකටම මෙම දින කිහිපය තුළ ගොස් ඇති බවත් අනාවරණය වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.
දැනට මත් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙම කාන්තාව සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ සංචරණ සීමා පැනවීම හා නිවෙස් තුළ නිරෝධායනය සදා දැනටමත් ක්‍රියාමාර්ග ගමින් සිටින බවත් පොළොන්නරුව මහ රෝහලේ 22 වාට්ටුව වසා තැබීමටත් පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
