පොහෝ දින විවෘත කළ සමාජ ශාලාවක් වටලා 18 අත්අඩංගුවට
කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක් ඊයේ 1 පොහෝ දින විවෘත කර මත්පැන් අලෙවිය සහ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ යෙදී සිටියදී කාන්තාවන් දොළොස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 18 අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි .
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය සහ විදේශීය මත්පැන් තොගයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර සමාජ ශාලා කළමනාකරු මත්පැන් මිලදී ගැනීමට හා කාන්තාවන් මුදලට ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් ද වන බව පොලීසිය කියයි
පොහෝ දින නීතිවිරෝධී අයුරින් සමාජ ශාලාව විවෘත කර මත්පැන් සහ කාන්තාවන් මුදලට අලෙවි කරන බවට කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි .
සැකකරුවන් හා සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

