භාණ්ඩ පටවා ගමන් ගත් ලොරි රථයක් මහනුවර පොලිස් ගොඩනැගිල්ලට කඩාවැටිම නිසා එම ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර එහි ගමන්ගත් අනික් පුද්ගලයා බරපතළ තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.
අද (15) අලුයම 4.00 ත් 4.30 අතර මෙම ලොරිය මහයියාව මාර්ගයේ සිට මහනුවර පොලීසිය දෙසට ගමන් කර ඇති අතර එම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මහනුවර ප්රධාන පොලිස් ගොඩනැගිල්ලේ තාප්පයද කැඩි ගොස් ඇති අතර ලොරි රථය පොලීසියේ බිත්තියේ ගැටි නැවති ඇත.
පොලීසිය පවසන්නේ මෙම ලොරි රථයේ රියදුරට නින්ද යෑම නිසා මෙම අනතුරු සිදුවන්නට ඇති බවය.
මේ සම්බන්ධව මහනුවර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
