පොලිස් මාධ්‍ය සාකච්ඡාව හිටි හැටියේ අවලංගු කරයි
පොලිස් මූලස්ථානය විසින් ඊයේ (05දා) පැවැත්වීමට සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡාව කිසිදු හේතුවක් නොමැතිව අවලංගු කර තිබිණි.
අදාළ මාධ්‍ය සාකච්ඡාව සවස 5.45ට පැවැත්වෙන බවට මාධ්‍ය ආයතනවලට දන්වා එවා තිබූ අතර, එම දැනුම් දීම අනුව බොහෝ මාධ්‍ය ආයතන නියෝජිතයන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයට වාර්තා කර තිබිණි.
ඊයේ දිනයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස නම්කර සිටින 'මාකඳුරේ මධුෂ්' නමැත්තා ඇතුළු පිරිසක් ඊයේ (05දා) දිනයේදී ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ස්ථාන දෙකකදී හෙරොයින් කිලෝ 110ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීණි. අදාළ සුවිශේෂී කරුණු දෙකක් සිදුව තිබියදී පොලිස් මූලස්ථානය කැඳවූ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීම තුළ මාධ්‍යවේදීන් පසුවූයේ දැඩි විමතියකිනි.

popular news
-
Champa Wednesday, 06 February 2019 09:30 AM
මදුෂ් අල්ලපු එක කාට හරි shock එකක් වෙන්න ඇති. තේරෙන්නේ නැත්ද? පට්ට බොරුවක් නේ මෙච්චර කල් කරලා තියෙන්නේ. මදුෂ් කියන මිනිහ හැන්ගිලාවත් නෙමෙයි මේ එළිපිටමනේ ඩුබායි වල ඉඳල තියෙන්නේ. ලංකාවත් එක්ක contacts තිබිල තියෙන්නෙත් එලිපිටමනේ.
Reply : 0 0
Bandula. Wednesday, 06 February 2019 09:46 AM
අනේ අපේ රටේ මොකද්ද දැන් හරියට කෙරෙන්නේ කියලා හැමෝම දන්නා නිසා ගානක් නැහැ නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

