පොලිස්පති අද ඉල්ලා අස්වේවි - ජනපති
පාස්කු ඉරිදා දිනයේදි එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හා පොලිස්පති සිය වගකීම ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන්ට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දුන් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
"මේ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා කිසිසේතම තම වගකීම ඉටුකර නෑ. අඩුගානේ මට කෝල් එකක් දීලා නෑ. මේ දෙන්නම අප්‍රේල් 14 දා මට බුලත් දුන්නා. ඒ වෙලාවෙත් මට කිව්වේ නෑ. බුලත් දීලා යන්න ගියා.
මේ බරපතල වගකීමක් පැහැර හැරීම දේපළ විනාශය, ජිවිත විනාශය, සංචාරක ව්‍යාපාරයේ බලපෑම ආර්ථිකයේ බලපෑම ඒ නිසා තමයි මම කිව්වේ දෙදෙනාටම ඉල්ලා අස්වෙන්න කියලා. ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුණා. මම අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් පත්කරනවා. පොලිස්පති ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කළා. මම හිතනවා අද පොලිස්පතිවරයා ඉල්ලා අස්වෙයි කියලා."

popular news
-
Sanath Friday, 26 April 2019 12:05 PM
ඒ විතරක් ඇතිද? ඊට ඉහලින් ඉන්න උදවිය අයින් වෙන්න ඕනේ නැද්ද?
Reply : 0 10
Dayan Friday, 26 April 2019 04:03 PM
පොලිස්පති යවන්න කලින් මේ බොරුකාරය ගියොත් හොඳය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

