පොලිස්පතිව අනිවාර්ය නිවාඩු යැවු බවට වාර්තා වෙයි
ජනාධිපතිවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ.
පොලිස්පතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නද ඔහු මේ දක්වා සිය ධුරයෙන් ඉවත් වූ බවට කිසිදු නිල දැනුම්දීමක් සිදු කර නොමැත.
මේ අතරතුර වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඞී. වික්‍රමරත්න මහතා පත් කරන ලදි.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (29) පෙරවරුවේ ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් ද ජනාධිපතිවරයා විසින් මෙහිදි පත්කර තිබේ.

popular news
-
SAM Monday, 29 April 2019 03:42 PM
පොලිස්පති වෙලා පවෙනි දවසේ මාධ්‍ය සාකච්චාව බලල මමයයි දැනගත්ත මෙයා පොලිස්පති කමට සුදුසු නැති බව . ෙමෙයා පස්ස දොරෙන් පොලිස්පති කරගත්තේ කරු ජයසුරිය ඇතුළු පිරිස ඒගොල්ලන්ගේ රෙදි හොදවගන්න. අද පස්ස දොරෙන් කුජ්ත වෙලා ගෙදර යනවා. ශ්‍රී .ලංකා පොලිස් ඉතිහාසේම හිටපු පොලිස් පතිලගෙන් නරකම පොලිස්පති. ඕක තමා සුදුස්සාට තැන නොදීම නිසා ආණ්ඩුවට හොඳ පාඩම්.
Reply : 0 0
Sam Monday, 29 April 2019 03:59 PM
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
Reply : 0 0
Don Monday, 29 April 2019 07:33 PM
නිවාඩු යැව්වට පඩි දෙන්න වෙනවා!!
Reply : 0 0
sg Tuesday, 30 April 2019 12:17 AM
ඔහු ගෙදර යැවිය යුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

