පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා විසින් තමාගේ නම භාවිත කරමින් රැකියා ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද (24දා) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
ප්රසන්න රණතුංග මහතා ලෙස පෙනී සිටිමින් 077 7109001 යන දුරකථන අංකයෙන් ආයතන ගණනාවක් අමතා විවිධ පුද්ගලයන්ට රැකියා ඉල්ලීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ පැමිණිලි ලැබී තිබේ.
ඒ අනුව එම දුරකථන අංකය තමාගේ නොවන බවත් තමා එවැනි දුරකථන ඇමතුම් ලබා දී නොමැති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් මන්ත්රීවරයාගේ ආරක්ෂාවට ගැටලුවක් ඇති වී ඇති හෙයින් කඩිනම් පරීක්ෂණයක් සිදු කොට වැරදිකරුවන්ට නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කොට තිබේ.
