හබරාදූව කොක්වත්ත ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ කුඩා පොකුණකට වැටී වයස අවුරුදු තුනහමාරක දරුවෙකු අද (27දා) ජීවිත්ක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිත්කෂයට පත්ව ඇත්තේ වංචාවල, අත්තරගොඩ පදිංචි ස කළහෙලොකුගේ සෙනුජ නමැති පිරිමි දරුවෙකි.
විහාරස්ථානයේ සකසා තිබූ සුරතල් මසුන් ඇතිකරන කුඩා පොකුණෙන් පනිට්ටුවකට ජලය ගැනීමට යෑමේදී අදාළ දරුවා පොකුණට වැටී මෙලෙස මියගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
සිද්ධිය පිළිබඳ මරණ පරීක්ෂණය අද (27දා) කරාපිටිය රෝහලේදී සිදුකිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන හබරාදූව පොලීසිය සිදුකරයි.


හිනිදුම රවීන්ද්රශ්රීලාල්