පේරාදෙණියේ සත්‍යග්‍රහයට දින 50 යි
සමසෞඛ්‍ය උපාධි කප්පාදුව වහාම හකුලා ගනිමින් සියලු සිසුන්ට සිවු අවුරුදු උපාධිය ලබාදෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සමසෞඛ්‍ය සිසුන් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 50 ක් සම්පූර්ණ විය.
නමුත් ඔවුන් ආරම්භ කළ විරෝධයට තවමත් විසඳුම් ලබානොදීමට විරෝධය පා මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (11දා) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
එම විරෝධතාව සඳහා විශ්වවිද්‍යාල සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් හා සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති රැසක නායකයන් රැසක් සහභාගී වී සිටියහ.
විරෝධතාකරුවෝ තම සායනික කබා (Lab Coat) වලින් සැරසී, කළු පැහැති පටි හිස පැලඳ කළු පැහැ විරෝධතා පුවරුද අතැතිව සටන් පාඨ කියමින් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් මුළුමනින්ම අවහිර කර පැයකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

