පෙර මෝසම් කාලය සක්‍රිය වෙයි
පෙර මෝසම් කාලය සක්‍රිය වීම නිසා අද (02දා) සහ ඉදිරි දින කිහිපය තුළ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු පළාත්වලටත් සවස් කාලයේදී ඌව, උතුරු මැද පළාත්වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
හරහා පොතුවිල් දක්වා මුහුදු සීමාවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ක් දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ ආනන්ද පෙරේරා මහතා සඳහන් කළේය.
මෙම මුහුදු තීරයන්ට අමතරව හලාවත, මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය දක්වා මුහුදු සීමාවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 - 55 දක්වා ඉහළ යා හැකි නිසා ධීවර ජනතාව ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
ඉදිරියේදී කඩින් කඩ වැසි ඇති වුවත් ගිගුරුම් සහිත භාවය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බවද ආනන්ද පෙරේරා මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

