පෙර පාසල් යන්න බෑ කියූ දියණිය පිළිස්සූ මහ අල්ලයි
පෙර පාසල් යාමප්රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකටහැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක්පිලිස්සු බව කියන මවකමහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටින තිස් හැවිරිදි කාන්තාවක පොලිසිය මගින් එසේ අත්අඩංගුවට ගෙන තිබේ .
එම දැරිය පෙරපාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්එ සේ ඇයගේ මව විසින්හැන්දක් රත්කොට බරපතළ ලෙස පුළුස්සා ඇති බව පොලිසිය කියයි .
තුවාල ලැබූ දැරිය මහනුවර ජාතික රෝහලටඇතුලත් කොට ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය .
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේඋපදෙස් පරිදිකොට්ඨාස ළමා හා කාන්තාකාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක අමරසිංහමහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක්වැඩිදුර විමර්ශන සිදු කරයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

